අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම ගැන රජයෙන් අලුත් කතිකාවක්

අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම ගැන රජයෙන් අලුත් කතිකාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ 58,000  ක් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සඳහා පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී  පසුගිය 12  දින රැස්විය.

එහිදී අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එකෙක් අමාත්‍යාංශවල ම උපාධිධාරීන් ස්ථීර කිරීම සඳහා වන ප්‍රගතිය මෙම රැස්වීමේදී තවදුරටත් විමසා බැලූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී.

මෙම විශේෂ කැබිනට් අනුකාරක සභාව  සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ( සභාපති), රාජ්‍ය සේවා පළාත් සභා  හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතයි.