අයවැයෙන් උපාධිධාරීන්ගේ ගැටළුවලට විසදුම් ඉල්ලයි

අයවැයෙන් උපාධිධාරීන්ගේ ගැටළුවලට විසදුම් ඉල්ලයි
මධ්‍යස්ථානයේ සමාජිකයින් පිරිසක් ඊයේ දිනයේ (14) ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් තමන්ගේ ගැටලුව පිළිබදව අදාල නිළධාරීන්ව දැනුවත් කරමින් ඒ සඳහා විසදුම් කවරේද යන්න විමසා සිටින ලදී.
 
ඒ පිළිබදව ඉක්මන් සොයා බැලීමක් සිදුකොට කඩිනම පිළිතුරක් ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට ලබා නොදෙන්නේ නම් මින් එහා ගිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන වග රැකියා විරහිත ඒකාබද්ධ මද්‍යස්ථානයේ කැදවුම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කර සිටියේය.
 
මේ අවස්ථාව සදහා රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ කැදවූම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයා , රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ විධායක සභික මහානාම හිමි , උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු චන්දන සූරිආරච්චි සහ දීපීකා ප්‍රියංගනී සහෝදරිය සහභාගී විය.
 

උපුටා ගැනීම: JCUG Rakiya Wirahitha Upadhidhari Ekabaddha Madhyasthanaya Face book page

3

1

2