තර්ජනයන්ට හා මර්ධනයට එරෙහිව ගරු-විදුහල්පති වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරනවා - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

rev-ulapane-sumangala

ආණ්ඩුවේ මර්ධනයන්ට හා තර්ජනයන්ට එරෙහිව තම වැඩ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය හමුවක් අද (18) දින පවත්වමින් ප්‍රකාශ කළේය.

ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බියගැන්වමින් පාසල් විවෘත කරවීමට පොලීසිය, හමුදාව හා දේශපාලනඥයින් යොදවා කෙරෙන බලපෑම්, බියගැන්වීම් හා තර්ජනයන්ට එරෙහිව තමන කිසිසේත් ඒවාට බිය නොවන බවත්, ඒවාට පිළිතුර ලෙස තම වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවත් හැකනම් තර්ජනය කර පාසල් විවෘත කර පෙන්වන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.