ගුරු-විදුහල්පතිවරු වර්ජනය 21 සහ 22 දින වර්ජනය ස්ථිරයි

ගුරු-විදුහල්පතිවරු වර්ජනය 21 සහ 22 දින වර්ජනය ස්ථිරයි

2021.10.21 සහ 22 දිනයන්හි ගුරු විදුහල්පතිවරු වැඩවර්ජනය ස්ථිර බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසර 24 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති සේවාවල වැටුප් විෂමතා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්කරන ලද ‘සුබෝධනී’ වාර්තාව මත පදනම්ව ඉවත් කරන ලෙස ඉල්ලමින් සියලූ ගුරු විදුහල්පතිවරු මේ වන විටත් වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරතව සිටින අතර, ඊ ළග කි‍්‍රයාමාර්ගය ලෙස 2021.10.21 සහ 22 දිනයන්හි ගුරු විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මාස 3 කට වැඩි කාලයක් අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ග පෙරට ගෙන එමින් තිබියදී ගුරු විදුහල්පති වැටුප් ගැටලූවලට විසඳුම් ලබා නොදී කෝවිඞ් 19 වසංගත තත්වය මත වසා දමා ඇති පාසල් අදියර වශයෙන් නැවත විවෘත කිරීමටත්, පළමු අදියර ලෙස සිසුන් 200 ට අඩු පාසල් 2021.10.21 දින විවෘත කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත. එම තීරණයට අනුව කටයුතු නොකර සිසුන් 200 ට අඩු පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු 21 දින සහ 22 දින පාසල්වල සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා කර ඇති, 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවකට පැවති වැටුප් කොමිසමට ලබාදුන් වාර්තාවේ ඇතුළත් වැටුප කොටස් 3 ක් යටතේ 2022 සහ 2023 වසර වල ලබාදෙන බව ප‍්‍රකාශ කර ඇත. එම වැටුප කොටස් වශයෙන් නොව සුභෝධනී වැටුප් යෝජනාවේ පළමු අදියර ලෙස එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් අපගේ වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර, නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් එම වැටුප ලබා දීමට බල කරමින් පහත වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වීමට අප තීරණය කර ඇත.
ඒ අනුව,

  • 2021.10.21 දින සහ 22 දින ආරම්භ කරන පාසල්වල ගුරු විදුහල්පතිවරු පාසල්වල රාජකාරියට වාර්තා නොකර වැඩවර්ජනයේ නිරත වීම.
  • 2021.10.25 දින පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරු විදුහල්පතිවරු දිවයින පුරා උද්ඝෝෂණවල නිතර වීම
  • 2021.11.02 දින ආරම්භ කළ පාසල් ඉදිරිපිට දෙමාපියන් සමග ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත වීම

ආණ්ඩුව දිගින් දිගටම ගුරු විදුහල්පති වැටුප් ගැටලූවට පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙමින් පාසල් ආරම්භ කිරීමටත්, ආණ්ඩුවේ විවිධ පාර්ශව ලවා ගුරු විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු කිරීමත් හැර වසර 2 කට ආසන්න කාලයක් අහිමිව ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කර නැත. මේ තත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කර ගුරු විදුහල්පතිවරු ඔක්තෝම්බර් 25 දින පළමු අදියරේ ආරම්භ වන පාසල් වල සේවයට වාර්තා කරන අතර, පාසල් තුළ සිටිමින් වැටුප් ගැටලූවට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය කි‍්‍රයාමාර්ග පෙරට ගෙන යන බව ප‍්‍රකාශ කර සිටිමු. 21 දින ආරම්භ වන්නේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සිසුන් 200 ට අඩු පාසල් 3000 ක පමණ ප‍්‍රමාණයක ප‍්‍රාථමික ශ්‍රේණි පමණක් වන අතර, ගැටලූවට විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලූ පාසල් ආරම්භ කිරීමෙන් පසු වැඩවර්ජන කි‍්‍රයාමාර්ගවල නිරත වන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.