සුදුසුකම් ඇති අභ්‍යාසලාභී පත්වීම් නොලැබූ උපාධිධාරීන් ගැන කතිකාවක්

සුදුසුකම් ඇති අභ්‍යාසලාභී පත්වීම් නොලැබූ උපාධිධාරීන් ගැන කතිකාවක්

උපාධි සහ අමාත්‍යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්‍යාසලාභී පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඊයේ (18) ලිඛිත විමසීමක් කළේය.

රැකියා විරහිත උපාධිධාරී සංගමය කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් පවසන්නේ තමන් සමඟ උපාධිය ලැබූ පිරිසක් මේ වන විට අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වී සේවය ස්ථිර වීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්ය.

සුදුසුකම් ලැබූ සියලු දෙනාගේ නාම ලේඛණය කඩිනමින් ප්‍රසිද්ධ කරන්නේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මීට මාස තුනකට පෙර පැවසූ බවත් මුදල් අමාත්‍යංශය බඳවා ගැනීම් අත්හිටුවීමෙන් පසු සාකච්ඡා කර තීරණය ප්‍රකාශ කරන්නේ යැයි ඉන් පසුව පැවසූ බවත් රැකියා විරහිත උපාධිධාරී සංගමය චෝදනා කරයි.

111