පුහුණු අවසන් කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම පසෙකලා ආණ්ඩුව තම අර්බුද වසා ගැනීමට පාවිච්චි කරමින් සිටී. මීට පෙර කඩවලට ගොස් හාල් මිල්, සීනි මිල බාලීමට අභ්‍යාසලාභී උපාධිධාරීන් පාරිභෝගික සේවා අධිකාරියට අනුයුක්ත කරන ලදී,
දැන පාසල් විවෘත කරමින් ඒ සදහා කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව පාසල් වෙත අනුයුක්ත කර ඇත. ළමුන් 200ට අඩු පාසල් සදහා අභ්‍යාසලාභීන් 5ක් 6ක් වශයෙන් අනුයුක්ත කර ඇත.
අද දිනය තුළ අභ්‍යාසලාභීන් පමණක් පාසල් වෙත වාර්තා කර ඇති පාසල් බහුතරයකි. ඇතැම් පාසල්වල ගේට්ටු වසා ඇත.
ආණ්ඩුව ගුරුවරුන්ගේ සාධාරණ අයිතීන් දෙනවා වෙනුවට මෙසේ කිරීම පිළිකුල් ය.
මේ අතර ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් චක්‍රලේඛ (2/2021(v) නොසලකා ගර්භණි සහ කිරිදෙන මව්වරුන් පවා පාසල් වෙත කැ`දවා ඇත. මේ කරනුයේ මානව සම්පත අපතේ යැවීමකි.
තවදුරටත් මෙසේ සිදු කරන්නේනම් , ස්ථිර කරන තෙක් විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසීය.