ගුරු වර්ජනය සාර්ථකයි - ළමයිත් නැහැ, ගුරුවරුත් නැහැ 

joshp-staling

 අද (21) පැවති ගුරු වර්ජනය අති සාර්ථකව දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

උතුරු නැගෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු කියා සිටියි.

වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණි අතර බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් පවා පාසලට නොපැමිණ ආණ්ඩුවට සිය විරෝධය දක්වා තිබිණ.

ජෝසප් ස්ටාර්ලින් News19 වෙත පැවසුයේ, ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව තේරුම් ගෙන වහාම අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කළ වැටුප් වැඩිවීම ගුරුවරුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුනහොත් නැවත වරක් උද්ඝෝෂණ මාලාවක් තුළින් යළිත් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

blob:https://www.facebook.com/3260a0a6-f5f8-4840-9f04-c1cdcfeaeb86

(news19)