අභ්‍යාසලාභී උපාධීධාරින් ආණ්ඩුවේ අර්බුද වහගන්න පාවිච්චි කරනවා

dammaika-munasinghe

අභ්‍යාසලාභීන් අද දින පාසල්වලට කැඳවා අපහසුතාවයට පත් කිරීමට එරෙහිවත්, අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර නොකිරීමට එරෙහිවත් ආණ්ඩුවට අවධාරණය කරනවා 2020 රැකියා ගත කිරීම වැඩසටහන යටතේ බඳවා ගත්තු අභ්‍යාසලාභි උපාධිධාරීන්  53000 ම කඩිනමින් ස්ථිර කිරීමට පියවර ගන්නා ලෙස  ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්විය.

ධම්මික මුණසිහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමන් ප්‍රකාශ කලේ, ආණ්ඩුව  අභ්‍යාසලාභි උපාධිධාරීන් බඳවාගෙන  වසරක් වෙනකන් ස්ථිර කිරීමට් අදාළ අවම ක්‍රියාමාර්ග ගන්නවා අපි දැක්කෙ නෑ. පුරප්පාඩු හොයන්නෙ දැන්.

ඒ අතර ආණ්ඩුව තමන්ගේ අර්බුද වහගන්න අභ්‍යාසලාභී උපාධිධාරීන් පාවිච්චි කරනවා. අපි දැක්කා පහුගිය මාසෙ පාරිභෝගික සේවා අධිකාරියට  අභ්‍යාසලාභීන් අනුයුක්ත කරලා කඩවල් ගානේ ඇවිද්දෙව්වා. හාල් , සීනි මිල හොයන්න.

Moh කාර්‍යාලවල vaccine එක විදින්නට යොදා ගත්තා. මුදල් බෙදන්නේ අභ්‍යාසලාභීන් යොදා ගත්තා. ආණ්ඩුව තමන්ට ඕන වැඩ ඔක්කොම කරගන්න අභ්‍යාසලාභී උපාධිධාරීන් පාවිච්චි කරනවා. තවම මාසික දීමනාව රුපියල් 20000යි.

ඒ අතර තමයි අද දවසේ පාසල්වලට අනුයුක්ත කරලා බලපෑම් කරලා පාසලට යවලා තියෙනවා.  ගුරුවරුන් තමන්ගේ අයිතිය දිනාගන්න ග සාධාරණ අරගලයක් කරනවා. ආණ්ඩුව එකට පැහැදිලි උත්තරයක් දෙන්නැතුව  මර්දනය කැඳවනවා.  මේ වෙනකොට ගොවියෝ පෝර නැති ව පාරට බැහැලා. ජනතාව අයිතීන් ඉල්ලා පාරට බැහැලා තියෙන්නෙ. ඒවට උත්තර නෑ. ආණ්ඩුව මර්දනය කැඳවනවා. ආණ්ඩුව  ගුරුවරුන්ගෙ ඉල්ලීම් දෙනවා වෙනුවට දැන්  බලහත්කාරයෙන් පාසල් විෘත කරවනවා. ළමයි 200ට අඩු පාසල් විෘත්ත කරලා.  අද පාසල් වල ඉන්නෙ අභ්‍යාසලාභී උපාධිධාරීන් හා පොලිසිය . මෙහෙමද ගැටලු විසඳන්නෙ.

අපි දැක්කා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආර්ථික සංවර්ධන නිලධාරින් පාසල් වෙත කැඳවලා තිබුණා. අපි කතා කරලා නැවැත්තුවා. ඒ වගේම අ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නොසලකා ගර්භණි කාන්තාවන්, කිරිදෙන මව්වරුන් මව්වරු පවා පාසල් වලට කැඳවල තියෙන සමහර ප්‍රාදේශීය කාර්යාලවල.

අද ඒ ප්‍රාදේශීය සභාවෙ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා තමයි අභ්‍යාසලාභී උපාධිධාරීන්ට  බලපෑම් කරනව රාජකාරි කරන්න කියලා.

අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ  වැඩපිළිවෙළ මෙහෙමම යනවා නම් ඉස්සරහට අභ්‍යාසලාභි උපාධිධාරීන්  පාරට බහින්න සූදානම්. විරෝධතා  ක්‍රියාමාර්ග වලට යන්න සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.