වෘත්තීය සමිති නායකයෝ කාදිනල් හිමිපාණන් අද හමුවෙයි

cardinal-malcolm-ranjith

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය, ඒකාබද්ධ සංධානය මගින් අරඹා ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්  හමුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්තොම්බර් මස 22 වන සිකුරාදා දින සවස 5.00 ට බොරැල්ලේ අගරදගුරු නිවසේදී උන්වහන්සේ මුණගැසී ජාතික සම්පත් විකිණීම සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි එකාබද්ධ සංවිධානය පවසයි