හෙට සිට පාසල් ඉදිරිපිට ගුරු උද්ඝෝෂණ

හෙට සිට පාසල් ඉදිරිපිට ගුරු උද්ඝෝෂණ

සදුදා හෙට (25) දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

තම ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර නොදැක්වීම හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව මෙම විරෝධතාවය සිදුකරන බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ.

සදුදා දිනයේ (25) සේවයට වාර්තා කර පාසල් වැඩකටයුතු අවසන් වීමේන් පසු සවස 1.30ට අදාළ  පාසල ඉදිරිපිටදී උද්ඝෝෂණයන්හි නිරත වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.