රූපවාහිනී සේවකයින්ට මාසික වැටුප තවම ලැබී නෑ

rupawahini

රූපවාහිනී සංස්ථාවේ සේවකයන් හට වැටුප් ගෙවීම් (25) දින සාමාන්‍ය පරිදි සිදු නොවීම හේතුවෙන් එහි සේවකයන් විසින් එහි සභාපති - රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ කාර්යාලය වටලා තිබේ.

වැටුප් ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම හා මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් මේ දක්වා ලබානොදීම හේතුවෙන් ඇතිවූ වැටුප් ගෙවාගත නොහැකි තත්වය හමුවේ සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සේවයට වාර්තා නොකොට සැගවී සිටින බවට වාර්තා වෙයි.

(ශ්‍රී ලංකා මිරර්)