පත්වීම් නොමැති මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අනාගතය කෙසේ වෙයිද?

පත්වීම් නොමැති මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අනාගතය කෙසේ වෙයිද?

අද වනවිට ආයුර්වේද, සිද්ධ, යුනානි උපාධිධාරී වෛද්‍යවරුන් 719 ක ප්‍රමාණයක් රැකියා විරහිතව සිටී. ලබන වසර මුල වනවිට නව කණ්ඩායම පිටවීමත් සමඟ මෙම ප්‍රමාණය 1005 දක්වා ඉහළයාමට නියමිත ය. නමුත් මේවන තුරුත් අදාල බලධාරීන් මෙම රැකියා ගැටළුව විසඳීම සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් සකසා නැති බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වසර ගණනාවක සිට මෙම ගැටළුව පිළිබඳ අදාල බලධාරීන් හා නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ද, දැනුවත් කිරීම් කළ ද, සාධනීය ප්‍රතිඵලයක් නැති බවත්, සියළුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමල දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළු දේශීය දේවල් වලට මුල්තැන දීම ආදී දේවල් කියා බලයට පත්වූ ආණ්ඩුව දැන් ඒවා අමතක කර දමා ඇති බවත්, ඉදිරියේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අපගේ විරෝධය පළකිරීමටත්, ඉදිරියේදී මෙම ප්‍රශ්ණය විසඳීමට කටයුතු නොකළහොත් සියළු වෘත්තීය සමිති එක් කරගෙන වෘත්තීය අරගලයකට යන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.