යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

යුගදනවි කැබිනට් පත්‍රිකාව පිළිබඳ හදිසි තීරණයක්

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් (28) දින පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවති හමුවේ දී මේ සම්බන්ධ කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි.

මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර්තමාන තත්ත්වය, කොවිඩ් -19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැගෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව ද පක්ෂ නායකයන්ගේ අවධානය යොමු විය.