අභ්‍යාසලාභි උපාධිධාරීන් ස්ථිර තනතුරුවල පිහිටුවීම සඳහා ක්‍රියාමාර්ග ගැනේ

අභ්‍යාසලාභි උපාධිධාරීන් ස්ථිර තනතුරුවල පිහිටුවීම සඳහා ක්‍රියාමාර්ග ගැනේ

උපාධිධාරීන් වෙනුවෙන් ඇති තනතුරු පුරප්පාඩු පිළිබඳ රාජ්‍ය ආයතනවලින් තොරතුරු එක්රැස් කීරිම ආරම්භ කර ඇති බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් අභ්‍යාසලාභි උපාධිධාරීන් ස්ථිර තනතුරුවල පිහිටුවීම සඳහා මෙම තොරතුරු ලබා ගන්නා බවයි.

මේ වනවිට 53,000 කට අධික උපාධිධාරීන් පිරිසක් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයේ පුහණුව ලබයි.

ඉන් කොටසක් සේවය කරන්නේ, පාසල්වලට අනියුක්තවයි.

ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව කටයුතු කිරීමට ද සැලසුම් කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරුවල පිහිටුවීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සඳහා කඩිනමින් ස්ථීර පත්වීම් ලබා දෙන බවද ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කළේ ය.