පාගමන ගිය ගුරු-විදුහල්පතිවරුන් අද අධිකරණයට

teachers-march

වැටුප් විෂතාව ඉවත් කරන ලෙස ඉල්ලා ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව විසින් පසුගියදා මහනුවර සිට කොළඹ දක්වා ආරම්භ කළ ගුරු පාගමන උසාවි නියෝගයක් මත අතර මග නතර කරන ලදි.

නමුත් පොලීසිය විසින් ගුරු-විදුහල්පතිවරුන් 26 දෙනකුට එරෙහිව පොලීසිය විසින් මහනුවර අධිකරණයේදී නඩුවක් ගොනුකරන ලද අතර, එම නඩුව අද දින (03) කැඳවා ඇති බව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ “වැඩබිමට“ පැවසීය.

උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ කුමන බාධක පැමිණියත් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය දිගටම ක්‍රියාත්මක කරන බවත්, ගුරුවරුන්ගේ ප්‍රශ්ණය විසඳීම සඳහා තීන්දු තීරණ ගැනීමට හැකි ජනාධීපතිවරයා හෝ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්ණයට අවසන් විසඳුමක් දීම සඳහා සාකච්ඡාවක් අවශ්‍ය බවත් වැඩිදුරටත් පැවසීය.