ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය, ඒකාබද්ධ සංධානය මගින් මේ වන විට ක්‍රියාමාර්ග අරඹා ඇත. ඒ අනුව අද (නොවැ. 03) දහවල් කොළඹදී තෙල් සංස්ථාව, වරාය, විදුලි බල මණ්ඩලය ආයතන කේන්‍ද්‍ර කරගෙන උද්ඝෝෂණ පැවැත්වෙන අතර, සඳහන් ස්ථානවලදී හා එහි සඳහන් වේලාවන්හිදී එම උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික සම්පත් විකිණිමට එරෙහි තෙල්, වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
උද්ඝෝෂණ ස්ථාන පහතින් දැක්වේ.
මෙයට අමතරව, ජීවන වියදමේ වැඩිවීමට අනුව වැඩකරන ජනතාවට රුපියල් 10000/= කින් වැටුප් වැඩිකිරීම සඳහා ආණ්ඩුවට බල කරන දුම්රිය සේවකයන්ගේ උද්ඝෝෂණයක් අද දහවල් දහවල් 12.00 ට මරදාන ටෙක්නිකල් හංදියේ පිහිටි දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්වෙන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
