විදුලි වෘත්තීය සමිති වර්ජනයකට සූදානමින්

විදුලි වෘත්තීය සමිති වර්ජනයකට සූදානමින්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම හා සියලු තාප විදුලි බලාගාර සඳහා LNG ගෑස් සැපයීම එම සමාගමටම ලබාදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද විරෝධතාවල නිරත විය. 
 
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව වැඩවර්ජනයක් දියත් කිරීම සම්බණ්ධව හෙට (04) දින නියම කරමින් තීන්දුවක් ගන්නා බවයි.
 
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ  කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර  මේ බව සඳහන් කළ අතර එහිදී හෙතෙම මෙසේද සඳහන් කළේය.
 

""මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගත්ත වැඩවර්ජන තීන්දුවට හෙට දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා."