රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා MN-04 ආශ‍්‍රිත සේවා උපාධිධාරීන්ගේ හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසළුම් ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට, සියළු පළාත් ආණ්ඩුකාරවරුන්ට හා සියළු වගකිව යුතු අංශ වෙත සංවර්ධන නිලධාරින්ගේ සේවා සංගමය ලිපියක් යවමින් කියා සිටින්නේ, සාධනීය විසඳුමක් නොමැති වුවහොත් 2021.11.08 දින එක්දින වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවයි.
රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවා MN-04 ආශ‍්‍රිත සේවාවට අයත් විවිධ තනතුරු දරණ උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී නිලධාරීන්ට අදාළව වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ගැටළු කිහිපයක් ඇත. එමෙන්ම අභ්‍යාසලාභී පුහුණුවේ නිරත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය විසින් වරින්වර නිකුත් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද ව්‍යාකූලතාවයක් නිර්මාණය වී ඇත.
අධ්‍යාපනයේ ඉහළම අධ්‍යාපන මට්ටම සම්පූර්ණ කරගත් උපාධිධාරීන්ට උපාධියට ගැළපෙන සාධාරණ හා වෘත්තීයභාවයක් සහිත වෘත්තීය පසුබිමක් සකස් කරන ලෙස දශක කීපයක සිට අදාළ බලධාරීන්ට හා පැවති හැම ආණ්ඩුවකටම හඬ ගා ප‍්‍රකාශ කළද නෑසූ කන් ඇතිව සිටීම බරපතල ගැටළුවකි.
අප රටේ සිටින බුද්ධිමය මානව සම්පත රාජ්‍ය සේවය තුළ නිසි කළමනාකරණයක් කරමින් ආකර්ෂණීය හා රැකියා තෘප්තිය ඇතිවන පරිදි නිසි ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීමට මොනතරම් අදහස් යෝජනා ලබා දුන්න ද රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වැඩ වසම් චින්තනය හේතුවෙන් අද එම මානව සම්පත අවිධිමත්ව නිසි ප‍්‍රයෝජනයක් නොමැතිව කාලය තුළ අතරමං කර ඇත.
රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති උපාධිධාරීන්ගේ ගැටළු විසඳීමට උත්සහ දරද්දී රැකියාවක් ලබා දී තියෙනවා ඒ ඇති වැනි ඇතැම් නිලධාරීන්ගෙන් විවිධ ප‍්‍රකාශ මඟින් රාජ්‍ය සේවය තුළ උපාධිධාරීන්ගේ වෘත්තීය අනාගතය කුමන තැනකට තල්ලූවිය හැකිදැයි හොඳින්ම පැහැදිලිය.
වියත්මග මුල් කරගනිමින් ඉතා විද්‍යාත්මක හැදෑරීමක් සහිත රාජ්‍ය පාලනයකට අවතීරණය වී ඇති වත්මන් රජයෙන් රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු ආශ‍්‍රිත සේවාවට අයත් උපාධිධාරීන්ගේ වෘත්තීය ජීවිතයේ මුහුණදෙන ප‍්‍රධාන වෘත්තීය ගැටළු වලට විසඳුමක් අපේක්ෂා කරමු. 2019/2020 වර්ෂවල වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් එවැනි ආකාරයේ පොරොන්දු ලබාදීම නිසාම පැවති මැතිවරණ වලදී 80% ඉක්ම වූ තැපැල් ඡන්ද භාවිතා වූයේ ද එම නිසාවෙනි.
රටක අධ්‍යාපනය හා එම අධ්‍යාපනයේ ඵල භුක්ති විඳින ප‍්‍රජාව රටේ ආර්ථිකය හා නිෂ්පාදනය මෙන්ම ඵලදායිතාව වෙනුවෙන් ජාතික සැලස්මක් යටතේ යොදා ගැනීමේ ජාතික අභිලාෂය වෙනුවෙන්ද, ලබාදී ඇති පොරොන්දු අනුවත් පහත සඳහන් ගැටළුවලට කඩිනමින් විසඳුම් අපේක්ෂා කරමු.
පහත දක්වන ගැටළුවලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ආශ‍්‍රිත සේවාවට අයත් ඇතැම් නිලධාරීන් විශ‍්‍රාම යමින් සිටින අතර අවම වෘත්තීය හිමිකම් පවා නොලබමින් එසේ විශ‍්‍රාම යාමට සිදුවීම බරපතල වෘත්තිය කප්පාදුවකි. එම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් පහත සඳහන් ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුම් අපි අපේක්ෂා කරමු.
ඉහත සඳහන් ගැටළු සඳහා පිළිගත හැකි විසඳුමක් ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂා කරමු. සාධනීය විසඳුමක් නොමැති වුවහොත් 2021.11.08 දින එක්දින වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ද මෙයින් ලිඛිතව දන්වා සිටිමු.
