පරිපූරක වෛද්‍ය වෘත්තීකයිනුත් වර්ජනයකට සුදානම්

පරිපූරක වෛද්‍ය වෘත්තීකයිනුත් වර්ජනයකට සුදානම්

පරිපූරක වෛද්‍ය වෘත්තීයට අදාළ ඉල්ලීම් පිළීබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡාමය විකල්පයක් මෙතෙක් ලැබී නොමැති බැවින් පහත ඉල්ලීම් මුල් කර ගනිමින් 2021.10.09 දින උදෑසන 8.00 සිට 2021.10.10 උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවත් ඊට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සමඟ ඒකාබද්ධව සිදු කරන පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලිපියක් යවමින් කියා සිටී.

පරිපූරක වෛද්‍ය වෘත්තියට අදාල වෘත්තීමය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම නොසලකා ඇති අතර, අවස්ථා ගණනාවකදී එම ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නිසි අවස්ථාවක් පවා ලැබී නොමැත. එසේම ඇතැම් අවස්ථාවන්හීදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය, අතිරේක සෞඛ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡා පවා සෞඛ්‍ය ලේකම්වරයාගේ ධනාත්මක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇත. ඒ අනූව වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ව හිතාමතාම නොසලකා හරින සෞඛ්‍ය පරිපාලන රටාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වන බැවින්ද, ඊට අදාල විසඳුම් ලබා ගැනීමේදී අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සාකච්ඡාද දේශපාලනිකව තෝරාගත් වෘත්තීය සමිති දෙක තුනකට සීමා වී ඇති බැවින් බහුතර සෞඛ්‍ය වෘත්තීයවේදීන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉතා පීඩාකාරීව කටයුතු කරමින් සිටී.

නමුත්, කොවිඩ් වසංගතයේ උවමනාවන් පෙරදැරි කර ගනිමින්, එකී සියළු පීඩාවන් විඳදරා ගනිමින් සේවා අශ්‍යතාවය ප්‍රමුඛ කර ගනිමින් සේවය ආවරණය කරනු ලැබූ එම වෘත්තීයවේදීන්ගේ ගැටලු තවදුරටත් නොසලකාහැර තිබීමට වෘත්තීය සමිති බලමණ්ඩලයක් ලෙස අපට නොහැකිය. තවද, මේ වන විට බරපතල සිරස් සහ තිරස් වැටුප් විෂමතාවයකට ලක්ව සිටින අප වෘත්තීන් ආවරණය කරන සිව් අවුරුදු වෘත්තීමය විශේෂ උපාධියක් ලැබූ අප වෘත්තීයවේදීන් ඩිප්ලෝමා තත්ත්වයේ වැටුපකට හිර කරමින් ඇතැම් වෛද්‍ය පරිපාලකයන් විසින් වැටුප් කොමිෂන් සභාව පවා නොමඟ යවමින් සිටී. සමාන්තර වැටුප් විෂමතාවයක යම් ප්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලබා දුන් රනුග්ගේ වැටුප් කොමිෂන් නිර්දේශ වලට සිදුවූ   දෙයක්ද නොමැත. එසේම වැටුප් විෂමතාවයන් පිළිබඳ කිසිඳු සාකච්ඡාවකට අප වෘත්තීයවේදීන්ව මෙතෙක් කැඳවා නොමැති අතර 06/2006 වැටුප් ප්‍රතිපත්තිය මඟින් රට තුල ඇති කල වැඩවසම් වැටුප් ප්‍රතිපත්තිය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වෛද්‍ය පරිපාලකයන් ලෙස අනිසි උත්සහයක් ගනිමින් සිටී.

මෙම තත්ත්වයන් සඳහා සාකච්ඡාමය විකල්පයක් මෙතෙක් ලැබී නොමැති බැවින් පහත ඉල්ලීම් මුල් කර ගනිමින් 2021.10.09 දින උදෑසන 8.00 සිට 2021.10.10 උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවත් ඊට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවත් කාරුණිකව දන්වා සිටිමු. මේ සඳහා කඩිනම් සාකච්ඡාවක් අපේක්ෂා කරමු.

  1. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම.
  2. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම
  3. 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,
  4. මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් නොවීම
  5. වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව,

                i. පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛය නිකුත් කිරීමට වන ප්‍රමාදය

                ii. විෂමතා ඉවත් වන පරිදි 2010/11/01 දින දක්වා අදාල තීරණය පෙරදාතම් කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.

       4. වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ “රනුග්ගේ වැටුප් කමිටු“ වාර්තාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම.

       5. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම.

       6. අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම.