ගුරු - විදුහල්පති වැටුප් විෂමතා අරගලයට විසඳුම්

rev-ulpane-sumangala

විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා (10) දින පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවෙන් පසු මෙවර අයවැයෙන් එයට විසඳුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත් එකඟවූ බව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් “වැඩබිමට“ට පැවසීය.

මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එයට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුන් ඇතුළුව ඇමැතිවරුන් කිහිපදෙනකු සහභාගී වූ අතර, මෙම සාකච්ඡාව සඳහා ගුරු සංගම් නියෝජිතයෝ සහභාගී වූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.