සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට විරෝධතාවයක

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට විරෝධතාවයක
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික හැසිරීමට එරෙහිව හෙට (2021. 11. 17), සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතාවයක්

අය වැය මගින් හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන් ගේ වැටුප් විශමතාවය ඉවත් නොකිරීම, එම සේවාවන්ගේ සමාන්තර වැටුප් විශමතාවය ඉවත් කල රණුක්ගේ කමිටු වාර්තාව ඉවත් නොකරමින් තවදුරටත් නිවැරදි කල නොහැකි වැටුප් විෂමතා අර්බුදයකට එම සේවාවන් ඇද දැමීම මූලික කරගනිමින් හෙට දහවල් 12ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කොට ඇත.

සියළු සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම භාවිත කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, විරෝධතා මර්ධනය සදහා අටවන ලද ඊනියා සෞඛ්‍ය නීති භාවිතා කොට එම විරෝධතාවය මර්ධනය කිරීමට කවුරුන් හෝ උත්සාහ දරණු ලබන්නේ නම්, ඒ මොහොතේ සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 50000ක් පමණ සේවයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවද දැනුම් දෙමු.

මෙම විරෝධතාවය සදහා සාධාරණ විසදුම් නොලැබෙන්නේ නම්, 2021.11. 24 දින සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඇතුළු පහත ප්‍රධාන ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන තුරු මෙම වර්ජන ක්‍රියාමාර්ගය හා විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට අප සම්මේළණය තීරණය කොට ඇත.

1. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම

2. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළිගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම

3. වෛද්‍ය පරිපාලනයකට සීමා වී අති "සෞඛ්‍ය කළ කළමනාකරණය" සෞඛ්‍ය පරිපාලන සේවාවක් බවට පත් කිරීම.

4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම

5. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම

රවී කුමුදේශ්

කැදවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය