රැකියා විරහිත උපාධිධාරින්ට කඩිනමින් රැකියා ලබා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනේ

රැකියා විරහිත උපාධිධාරින්ට කඩිනමින් රැකියා ලබා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනේ

2020 වර්ෂයේ උපාධිය සම්පූර්ණ කළ නමුත් 2019 වර්ෂයේදී උපාධිය සම්පූර්ණ කිරීමට නියමිත විශේෂයෙන් විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හා කොවිඩ් වසංගතය හේතුවෙන් නිසි කාලයේදී උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකිවූ රැකියා විරහිත උපාධිධාරීන් 5460 වැඩි උපාධිධාරීන් පිරිසක් සිටින බවත් රැකියා විරහිත උපාධිදාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරන ලදී.

එම උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් කිසිදු විසඳුමක් හෝ පිළිතුරක් නොලැබුනු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එබැවින් සමස්ත රැකියා විරහිත උපාධිධාරීට රැකියා ලබා ගැනීම වෙනුවෙන් නැවතත් අරගල බිමට අවතීරණය වන බවයි උන්වහන්සේ මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළේ.