රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභීන් ගැන පාර්ලිමේන්තුවේදී සංවාදයට නැගෙයි

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභීන් ගැන පාර්ලිමේන්තුවේදී සංවාදයට නැගෙයි

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000 ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බවයි. 

උපාධිධාරීන්ගේ අනාගතය හැමදා සුරක්ෂිත කළේ රාජපක්ෂ රජය බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

තව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, බඳවා ගත් අභ්‍යාසලාභී උපධිධාරීන් 58,000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් සකස් කළ ද කොවිඩ් ත්ත්තවය හමුවේ, එම වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ බවයි.