රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා අද උද්ඝෝෂණයේ

රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා  අද උද්ඝෝෂණයේ

වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය සේවක ඉල්ලීම් 4ක් මුල්කරගෙන අද(29)දහවල් 12.00 කෑම පැයේ සෙත්සිරිපාය ඉදිරිපිට ඇතුළු දිවයින පුරා වි‍රෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එම එකමුතුවේ උදේනී දිසානායක මහතා “වැඩබිම“ ට පැවසීය.

එම ඉල්ලීම් වනුයේ,

  1. රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම,
  2. සේවක විශ්‍රාම යෑම යාමේ වයස හැටපහ කිරිමේ යෝජනාව ඉවත් කර ගැනීම,
  3. රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට බල කිරීම
  4. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින චක්‍රලේඛය අහෝසි කිරීම, යන ඉල්ලීම් ගැන අවධානය යොමුකරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙන බවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති  සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුව සියලුම ක්ෂේත්‍ර නිලධාරින්, කණිෂ්ඨ සේවකයින් මෙම වි‍රෝධතාවය එක්ව සිටින බව දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Udeni Disanayake 1