පොඩි මැණිකේ බදුලු යයි.. පුත්තලමෙත් වැඩ අරඹයි

පොඩි මැණිකේ බදුලු යයි.. පුත්තලමෙත් වැඩ අරඹයි

කොවිඩ් 19 හේතුවෙන් අගෝස්තු මස 19 වනඳා ගමන් නැවතූ දුම්රිය ගමන් සෞඛ්ය තත්වයන් යහපත් වීම මත ක්රමක් ක්රමයෙන් ඇරඹී දුම්රිය ධාවනය බදුල්ල දක්වා ධාවනයට නොවැම්බර් 8 සූඳානම් වෙද්දී කාලගුණය ඊට හරස් වී උඩරට මාර්ගයේ ගමන නවතාලීය..

මේ වනවිට දුම්රිය ධාවනය සඳහා මාර්ගය විවෘත කොට ඇති අතර හෙට දින බදුල්ල දක්වා දුම්රිය ගමන් ඇරඹීමට දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කොට හමාරය..

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙ.ව 05:55 හා බදුල්ලෙන් පෙ.ව 08:30 පොඩි මැණිකේ දුම්රිය පමණක් ධාවනයට එක් කොට ඇත.. අනෙකුත් බදුල්ල බලා ධාවනය වන දුම්රියන් නුදුරේදීම ධාවනයට එක් කිරීමට මේ වන විටත් සැලසුම් සකසමින් පවතී..

තවද පුත්තලම මාර්ගයේ නාය යාමට ලක් වූ මුන්දලම හා පාලවි අතර දුම්රිය මාර්ගය මේ වනවිට ධාවන කටයුතු සඳහා සූඳානම් කොට අවසන් අතර පුත්තලම දක්වා දුම්රිය ධාවනය අද දින ආරම්භ විය.

මෙම මාර්ග අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේදී දෙපාර්තමේන්තුවේ ඉහල නිලදාරී තුමන්ලාගේ සිට යන්ත්රෝපකරණ වලට වඩා දෑතේ ශක්තිය ,දහඬිය අව් වැසි නොබලා ඉටුකල මාර්ග හා කර්මාන්ත අංශයේ සේවක මහත්මයින් ගේ ඇප කැප වීම නොවන්නට පොඩි මැණිකෙට බදුලු යන්නත් පුත්තලමේ වැඩ අරඹන්නත් තවත් පමා වනු නියතය..

කෙසේ වෙතත් මඟී ඔබගෙන් ඉල්ලා සිටින්නේ නිසි සෞඛ්යාරක්ෂිත ක්රමවේද වලට අවනත වෙමින් දුම්රිය ගමන් වල යෙදෙන ලෙසයි..

සටහන - ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය