සේවකයින්ගේ අයිතිවාසිකම් නොදෙන අයෝජකයින් අනවශ්‍යයයි - ලීනස් ජයතිලක

linus-jayathilaka
  • ඉවත් කල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් නැවත සේවයේ පිහිටවනතුරු, කලාපයේ අරගල දියත් කරන බව වෘත්තීය සමිති පවසයි
  • වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට විශාල ජන සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධයක්.

වෘත්තීය සමිතියක් සෑදීම නිසා සේවයෙන් පහකල සේවකයින් 16 දෙනා යලි පිහිටුවන ලෙස ATG ආයතනයට බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධන ප්‍රදේශවාසීන් මෙම මෙම විරෝධතා උද්ඝෝෂණයට සම්බන්ධ වූ බව වානිජ හා කාර්මික සේවක සංගමයේ සභපති ලීනස් ජයතිලක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, සේවකයින් ගේ අයිතිවාසිකම් සහ හිමිකම් නොතකන ATG වැනි ආයෝජකයින් අනවශ්‍ය බව පවසන වෘත්තීය සමිති සහ ගම්වාසීන් ATG ආයතනය තවදුරටත් මෙම සේවකයි යලි සේවයට නොගන්නේනම් දැඩි ක්‍රියාමාර්ග වලට එලැබීමටද තීන්දු කර සිටිනවා.

නිට්ටඹුව, වතුපිටිවල, රන්පොකුණගම, තිත්තවැල්මංක, මීවිටිගම්මන, මඩුවේගෙදර, ආදී ගම්මාන රැසක ජනතාව උද්ඝෝෂණයට සම්බන්ධ වෙමින් ATG ආයතනයට ඔවුන්ගේ විරෝධය දැක්වූ අතර, වාණිජ හා කාර්මික සේවක සංගමය ගෙනයන සටනට සම්පූර්ණ සහය ලබාදෙන බව අනෙකුත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ ප්‍රදේශවාවාසීන් පැවසූ බවයි.

අයෝජන ප්‍රවර්ධන කලාපයේ පාලකයින් වෘත්තීය සමිති අයිතිවාසිකාම් කඩ කිරීමට එරෙහිව, කම්කරු ඇමතිවරයාගේ කඩිනම් මැදිහත්වීම ලබා නොදෙන්නේනම් ජත්‍යන්තර කම්කරු සංවිධානය දක්වා මෙම පැමිණිල ගෙන යන බව ඒකාබද්ධව විරෝධතාවය දැක්වූ වෘත්තීය සමිති නයකයින් රජයට දන්වා සිටි බව ජයතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.