නයිජීරියාවේ සිට පැමිණි 25 හැවිරිදි කාන්තාවකගේ අහම්භයෙන් සිදු කල ON arrival PCR පරීක්ෂණය වැඩිදුර අධ්‍යනයට යොමු කිරීම මගින් ප්‍රථම වරට ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනා ගෙන ඇතs බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදෙස් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය.
රවි කුමුදේස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, මාරවිල ප්‍රදේශයේ පදිංචි ඇයට මේවන විටත් සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොමැති බව ඇය පවසන අතර, අද උදෑසන සිදු කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ප්‍රතිඵල මගින් නෙගටිව් වාර්ථා ලැබී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මගින් තහනම් කර ඇති නිසා, මේවන විට රටට ඇතුළුවන බහුතරයකගේ කිසිදු පරීක්ෂාවක් සිදු නොකරන අතර, ඔවුන් හරහා ඉතා පහසුවෙන් ඔමික්‍රෝන් රටට ඇතුළුවී තිබිය හැක. On Arrival PCR පරීක්ෂණයේ වැදගත්කම මෙම හදුනා ගැනීමත් සමගම තහවුරු වන අතර, එය වහා ආරම්භ කිරීමට කට යුතු කරන.ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, සංචාරක ව්‍යාපරය කඩා වැටෙන බැවින්, ජනාධිපතිවරයා ඊට අකමැත්තක් දක්වන බවට නිල නොවන කසුකුසුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින අතර, සංචාරක ව්‍යාපායට කිසිදු බලපෑමක් නොවන.පරිදි පැය දෙක තුනක් තුල පරීක්ෂණ වාර්ථාව ලබා දීමේ වගකීම අප භාර ගන්නෙමු.
එසේම PCR පරීක්ෂණ ප්‍රමාණය අවම කරමින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ වල ව්‍යංග වුවමණාව වී තිබෙන අතර, ඔමික්‍රෝන් හදුනාගත් කාන්තාවගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ නෙගටිව් වීම මගින් එම ප්‍රතිපත්තියේ වරද ගැනද මෙම සිදුවීම මගින් තහවුරු කර ඇත.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් විශේෂඥයින් නිළ නොළත් ලෙස සිදු කරන නියෝග හරහා ආසාධිතයන් යැයි හදුනාගත් ගුවන් මගීන්ගේ පවා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
රට ලොක්ඩවුන් කිරීමේ තත්වයකට පත් නොකර සිටීම සදහා, ඔමික්‍රෝන් රට ඇතුළු වීම වැලැක්වීම සදහා දැඩි උපක්‍රම භාවිත කල යුතු අතර, මුල සිටම එය සිදු කල නොහැකියැයි පවසමින් වසංගත පාළණයේ මූලික න්‍යායන් අත හැර දමමින් කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් එම තනතුරු වලින් ඉවත් කොට හැකි අය වහා පත් කල යුතුය. ඒසේ නොමැතිව වසංගත රැල්ලකට අත වනා ගෙන්වා ගැනීම.තුල රටට ලොක් ඩවුන් හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවද, සියළු වගකිවයුතත්තන් සිහි තබා ගත යුතු බවත්, දැනටමත් ඔමික්‍රෝන් රැල්ලක පෙර නිමිති පහල කරගෙන ඇති රටක් ලෙස ඉන් මිදීම සදහා පහත ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බව ඔහුවැඩිදුරටත් පැවසීය.
