සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ අවධානයට විශේෂ නිවේදනයක්!

සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ අවධානයට විශේෂ නිවේදනයක්!
රාජ්‍ය සේවයට බඳවාගත් සියළුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට වැදගත්වෙන නිවේදනයක් අභ්‍යාසලාභී උපාධිධාරී එකමුතුව විසින් නිකුත්කර තිබේ. සම්පූර්ණ දැනුවත් කිරීම පහතින්...
 
අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සදහා  අප සංගමය දිගින් දිගටම සාකච්ඡා කරන මොහොතක අභ්‍යාසලාභී පුහුණුව මාස 06 කින් දීර්ග කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන එන ලදී. 
 
ඒ මොහොතේ ම ක්‍රියාත්මක වූ අප අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කර සිටියේ එලෙස මාස 06 කින් ස්ථීර කිරිම  කල් දැමීම හේතුවෙන් අභ්‍යාසලාභීන් දැඩි මානසික පීඩනයකට හා අසාධාරණයකට පත්වන බවයි. 
 
තවද මෙම තත්ත්වය විෂය භාර අමාත්‍යාවරයා වන ගරු ජනක බණ්ඩාර අමාත්‍යවරයාට පුලුල් ලෙස පැහැදිලි කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිතුමා ස්ථීර කිරිම මාස 03 ඇතුළත ස්ථිරමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මාස 03 ඇතුළත ස්ථීර කිරීම සදහා විශේෂ අමාත්‍යා මණ්ඩලය අනුකමිටුවක් පත් කරන ලදී. 
 
පසුව අප එම අමාත්‍ය මණ්ඩලය අනු කමිටුව සමග දිගින් දිගටම සාකච්ඡා කළ අතර තවද සියලුම කැබිනට් අමාත්‍යවරුන්ද දැන්වත් කිරීම සිදු කරන ලදී. 
 
 අවසානයේ 2021-10 - 13 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස ජනවාරි 01 වෙනිදා සිට අභ්‍යාසලාභීන් ස්ථීර කරන බවට අප සංගමය වෙත ප්‍රකාශය කරන ලදී.එම තීරණය ක්‍රියාත්මක වන බවට මෙවර අයවැයෙන් අප සනාත කරන ලදී. 
 
අභ්‍යාසලාභීන් සියලුම දෙනා    ස්ථීර කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතරම අභ්‍යාසලාභීන් අතරින් කැමත්ත හා දක්ෂතාවය තිබෙන අභ්‍යාසලාභීන්ගෙන් ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපනය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන ලදී. 
 
මුල් සාකච්ඡාවල දී අභ්‍යාසලාභීන් ගෙන් පමණක් 18000 ක ප්‍රමාණයක් ගුරුසේවයට බදවා ගන්නා බවට ප්‍රකාශය කළ අතර අප එම ප්‍රමාණය ඉහළ දමන ලෙසට ඉලීම් කළ අතර එහිදී 30000  ක් පමණ ප්‍රමාණයක් ගුරුසේවයට බදාවා ගැනීමට හැකියාව ඇති බවට යෝජනා විය. 
 
 මේවන විට  පළාත් කිහිපය ගුරු විභාග ගැසට් කර තිබුණි.ඒ සදහා ද අවස්තාවක් ලබා දීමට තීරණය වී ඇත. 
 
එහෙත් අප දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ අතර එහි අවසන් සාකච්ඡාවේ දී අධ්‍යාපන ලේකම්වරයා අභ්‍යාසලාභීන්ගෙන් 23000 ප්‍රමාණයක් ගුරුසේවයටත් 7000 ප්‍රමාණයක් පාසල්වල වෙනත් තනතුරු සදහා බදාවා ගැනීමට නියමිත බව ප්‍රකාශය කරන ලදී. 
 
එහෙදී ඔහු නිශ්චිතව ප්‍රකාශය කරනු ලැබුවේ අභ්‍යාසලාභීන්ගෙන් පමණක් ම 23000 සදහා බදවා ගන්නා බවත් ජනවාරි සිට අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් පමණක් බදවා ගන්නා බවට ප්‍රකාශ කරන ලදී. 
 
මෙවැනි තොරතුරු අපට ලබා දී තිබිය දී වෙනත් සංගම් සමග අධ්‍යාපන ලේකම්වරයා විසින් පරස් පර කතාවක් ප්‍රකාශය කර ඇත. 
 
60000 පමණ ගුරු පුරප්පාඩු තිබෙනවා යැයි පවසමින්  සිටින ඔවුන් ම එම පුරප්පාඩු  ප්‍රමාණය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවට දැනට යෝජිත 23000 ක බදවා ගැනීමට අදාලව මෙම බදාවා ගැනීම් සිදු කරන ලෙස පැවසීම හාසියට කරුණකි. 
 
එයින් 2018, 2019 වර්ෂ සදහා අවස්තාවක් ලබා දී ඇති බවත් ඇතැම් සංගම් කිහිපයක් අධ්‍යාපන ලේකම්වරායා හා ඔවුන් සමග සාකච්ඡා කළා යැයි  ඔවුන් කරන ප්‍රකාශ තුළින් අපට පෙනී යයි. 
 
 එමෙන් අභ්‍යාසලාභී ගුරු බදාවා ගන්නා  23000 අතරට ම 2019, 2018, 2016, 2015, 2012, 2005 වර්ෂවල බදවා ගත් දැනට ස්ථීර රාජ්‍ය සේවයේ සිටින සංවර්ධන නිළධාරීන් ඇතුළත් කර ගන්නා ලෙස ද මොවුන් විසින් ඉලීමක් කර ඇති බවට පලවෙන ලිපි සාක්ෂි දරයි.
 
දැනට ස්ථීර රාජ්‍ය සේවයේ සිටින සංවර්ධන නිළධාරීන් ට ගුරු පත්වීම් ලබා දීමට අපට ගැටලුවක් නොමැත. අප ද එම සංවර්ධන නිළධාරීන් සදහා ගුරුපත්වීම් ලබා දිය යුතු බවට ඉලීමක් කර ඇති අතර එය අභ්‍යාසලාභී පත්වීම් සමග පටලවා නොගෙන කටයුතු කරන ලෙස ද අප සංගමයක් ලෙස දැනුවත් කරන ලදී. 
 
 එහෙත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ගුරු ලබා දීමේ වැඩ පිළිවෙලේ දී සංවර්ධන නිළධාරීන් ද පටලවාගෙන ගුරු පත්වීම් ලබා දීම අධ්‍යාපන ලේකමවරයා හා ඇතැම් සංගම් අභ්‍යාසලාභීන්ට ගුරු පත්වීමේ ලබා දීමේ වැඩ පිලිවෙල අර්බුදයකට ලක් කරන බව පැහැදිලිව පෙනෙන කරුණකි.
 
 අභ්‍යාසලාභීන්ට ගුරු පත්වීම් ලබා දීම වෙනමත් සංවර්ධන නිළධාරීන්ට ගුරු පත්වීමේ ලබා දීම වෙනම සිදු විය යුතු බවත් එය පටලවා ගත යුතු නැති බවත්, කුඩා දරුවකුට උවද තේරෙන සතය කරුණකි. 
 
 එහෙත් මුල සිට ම ඇතැම් සංගම් හා සමහර නිළධාරීන් අභ්‍යාසලාභීන්ට ගුරු පතිවීම් ලබා දීමේ වැඩ පිලිවෙල වෙනතකට හැරවීමට මාන බලමින් සිටී. 
 
 ඔවුන්ගේ අරමුණ මෙම වැඩ පිළිවෙල අවුල් කොට ආන්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට මිස අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ගුරු ලබා දීමේ වැඩ පිලිවෙල සාර්ථක කර ගැනීමට නොවන බව කාටත් පෙනී යන කරුණකි. 
 
 සියලුම අභ්‍යාසලාභී සංගම් හා අභ්‍යාසලාභීන් එක් විය යුත්තේ අභ්‍යාසලාභීන්ට  හිමිව තිබූ අවස්තාවන් දිනා ගැනීමට නොවේ ද?
 
මුල සිට අභ්‍යාසලාභීන්ගේ සියලුම ගැටලු සදහා මැදිහත්වෙමින් ඒව බොහොමයක් විසදා ගනිමින් අප සංගමක් ලෙස විවිධ බොරු චෝදනා මද්දේ  නොසැලී, ශක්තිමත්ව කටයුතු කළා සේ ඉදිරියටත් ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

 

මේ වන විටත් ගුරු සේවයට බදාවා ගැනීමේ දී පැන නැගී ඇති ගැටලු සම්බන්ධව මේ වන විටත් සුවිශේෂී ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති ඇත. ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ඔබව දැනුවත් කිරීම සිදු කරනු ඇත.

උපුටා ගැනීම: Association of Trainee Graduates 2020/2021 face book page