කාන්තාවන්ට එරෙහි හිංසනයට පිටුදැකීම වෙනු‍වෙන් ප්‍රොටෙක්ට් සංගමයෙන් වීදී නාට්‍ය දැක්මක්

කාන්තාවන්ට එරෙහි හිංසනයට පිටුදැකීම වෙනු‍වෙන් ප්‍රොටෙක්ට් සංගමයෙන් වීදී නාට්‍ය දැක්මක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන  හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16හි ගෝලීය ව්‍යාපාරයට සමගාමීව, ජනතා දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රොටෙක්ට් ගෘහ කම්කරු සංවිධානය විසින් පසුගිය දා (දෙසැ 05) නෝවුඩ් නගරයේ කෝවිල ඉදිරිපිට දී පවත්වන ලදි. එහිදී වීදි නාට්‍ය දැක්මක් ද  පැවති අතර එය වැඩසටහනට 200කට ආසන්න පිරිසක් සහභාගි වන ලදි.

නිවසේ දී සහ සිය සේවා ස්ථානයේ දී කාන්තාවන් සහ ළමුන් හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක් විය හැකි අවස්ථා නාට්‍යානුසාරීව දැනුවත් කරන ලද අතර ඒවායින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනතාව දැනුවත් කරන ලදි.

ඒ අනුව කම්කරුවන්ගේ සහ ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව උදෙසා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගෘහස්ථ සේවකයන් හට ශිෂ්ට රැකියාවක් උරුම කර දීමේ සම්මුතිය වන C189ත්,ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදු වන සියලු ම ආකාරයේ හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි C190 සම්මුතියත් ශ්‍රී ලංකාව තුළ අපරානුමත කරන මෙන් එහි දී මගින් රජයෙන් ඉල්ලා සිටියහ. එසේම ඒ සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍යය වන බවද වැඩිදුරටත් දැනුවත් කරන ලදී.


මේ අවස්ථාවට හැටන් සහ නෝවුඩ් ප්‍රදේශයෙ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල සාමාජිකයන් රැසක් ද සහභාගි වී සිටි අතර, රටෙහි පවත්නා සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව එම කටයුත්ත සංවිධානය වී තිබීම ද සුවිශේෂි තත්ත්වයකි.

 1

2

3