රජයේ සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක

රජයේ සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට නියමිටයි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය -පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිළධාරී සංගමයේ ප්‍රධාන සභාපති උදේනි දිසානායක මහතා වැඩබිම වෙත ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහල දමන් අලෙස ඉල්ලීම,විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ නොකරන ලෙස ඉල්ලීම,භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා නොකරන ලෙස ඉල්ලීම හා රාජ්‍ය සේවය රටට බරක් යන ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීම යන ඉල්ලීම් කිහිපය මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත්කරන බවයි.