කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට එරෙහි ප්‍රොටෙක්ට් සංගමය ජනතාව දැනුවත් කරයි

කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට එරෙහි ප්‍රොටෙක්ට් සංගමය ජනතාව දැනුවත් කරයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16හි ගෝලීය ව්‍යාපාරයට සමගාමීව, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (දෙසැ 05) හික්කඩුව නාරිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එය සංවිධානය කරන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසිනි. මෙම වැඩසටහනට නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා, ප්‍රොටෙක්ට් සංගමයේ ලේකම් කල්ප මධුරංග, සහයෝගිතා මධ්‍යස්ථානයේ වැඩසටහන් නිළධාරි යෝගේෂ්වරී මහත්මිය සහ නිදහස් සේවක සංගමයේ සාමාජිකයින්, වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ විදේශ ගත වීමට බලාපොරොත්තු වන කම්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය.

මෙහිදී ගෝලීය දින 16 ව්‍යාපාරය යනු කුමක්ද සහ එහි අරමුණ පිළිබඳව කල්ප මධුරංග විසින් දැනුවත් කළ අතර වැඩබිම ලෝකය තුළ ඇති හිංසනය පිළිබඳව යෝගේෂ්වරී මහත්මිය විසින් දැනුවත් කරන ලදී. මීට අමතරව විදි නාට්‍ය කණ්ඩායමක් විසින්, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය සමාජය තුළ මුල්බැසගෙන ඇති ආකාරය දැක්වෙන වීදි නාට්‍යක්ද රඟ දක්වන ලදී.

ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව උදෙසා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගෘහස්ථ සේවකයන් හට ශිෂ්ට රැකියාවක් උරුම කර දීමේ සම්මුතිය වන C189ත්, වැඩලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදු වන සියලු ම ආකාරයේ හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි C190 සම්මුතියත් ශ්‍රී ලංකාව තුළ අපරානුමත කරගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිළි කරන ලදී.

DSCF2029

DSCF2035

DSCF2038

IMG 7842