රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා සංඛේත වර්ජනයක්

රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා සංඛේත වර්ජනයක්

වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරියේදී ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය සේවක ඉල්ලීම් 4ක් මුල්කරගෙන අද දිවයින පුරා වර්ජයක් සමග වි‍රෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙණි.

එම ඉල්ලීම් වනුයේ,

1. රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම,

2. සේවක විශ්‍රාම යෑම යාමේ වයස හැටපහ කිරිමේ යෝජනාව ඉවත් කර ගැනීම,

3. රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට බල කිරීම

4. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින චක්‍රලේඛය අහෝසි කිරීම වැනි ඉල්ලීම් ගැන අවධානය යොමුකරමින් මෙම සංඛේත වර්ජනයත් සමග විරෝධතාව සංවිධානය කර තිබෙන බවත් ඒ සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති  සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඇතුව සියලුම ක්ෂේත්‍ර නිලධාරින්, කණිෂ්ඨ සේවකයින් මෙම සඳහා එක්ව සිටින බව සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ, සභාපති දිසානායක මහතා “වැඩබිම“ ට පැවසීය.

264055914 459177919131357 2144451076853598097 n

264103071 459177585798057 1232503767220012972 n

264137729 459178322464650 4470767619538660660 n

264188674 459177979131351 1145223456526940858 n

265544504 459175405798275 925758478213081319 n