තැපෑල අද සවස සිට සංඛේත වර්ජනයක් ආරම්භ කරයි

sri-lanka-post-strike

ශ්‍රී ලංකා තැපෑලේ සේවකයින්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදීම තුල ආයතනය දවසින් දවස ප්‍රපාතයකට ඇදවැටෙමින් පවතින බවත්, එය වලක්වා ගැනීමට පාලනාධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරිය මැදිහත් නොවීම හේතුවෙන් ආයතනයට හා සමස්ථ කාර්යය මණ්ඩලයට සිදුවන බරපතල හානිකර තත්වයට මැදිහත් නොවීම පිළිබඳව විරෝධය පල කිරීම සඳහා 2021.12.13 ප.ව.4.00 පැයේ සිට 2021.12.14 මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් තම සාමාජිකයින් දැනුවත් කරමින් පත්‍රිකාවක් බෙදා හැර ඇත.

එම පත්‍රිකාව සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

ශ්‍රි ලංකා තැපෑල සමඟින් සේවක අයිතීන් ආරක්ෂා කරගැනීමට පෙරමුණ ගමු.

ශ්‍රි ලංකාවේ ප්‍රබලතම රාජ්‍ය සන්නිවේදන ආයතන ලෙස දශක ගණනාවක් ක්‍රියාත්මක වූ තැපැල් දෙපාර්තමේන්තුව මේ වනවිට විවිධ වූ පීඩාවන්ට ලක්වෙමින් පවතින බව අප දන්නා කරුණකි.
විශේෂයෙන්ම ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතය හමුවේ ලෝකයේ ආර්ථිකය බිඳවැටෙමින් පවතින තත්ත්වයක එම තත්ත්වයට මුහුණදීමට අප ශක්තිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක ආයතනයේ ආදායම් ලබන යම් යම් අංශ බිඳ වැටීමට කටයුතු කරමින් සිටීම ඉතා කණගාටුදායක තත්වයක් බව පෙන්වා දෙමි. එමෙන්ම සේවක අයිතිවාසිකම්ද දිනෙන් දින කප්පාදු කිරීම මෙන්ම ආයතනයේ අනාදිමත් කාලයක් ක්‍රියාත්මක වූ මෙහෙයුම් ක්‍රමවේදයක් යම් යම් නිළධාරීන්ගේ අවශ්‍යථා වෙනුවෙන් සංශෝධන කර ක්‍රියාත්මක කිරීම මෙන්ම කිසිදු සේවක එකඟතාවකින් තොරව විවිධ වූ නව යෝජනා ක්‍රියාත්මක කිරීමද පෙන්වා දිය හැකිය. මෙම සියළු කාරනා තුල දෛනිකව තැපෑලට සිදුවන හානිය සුළුපටු නොවේ.
මෙම තත්වයන් තුල ඇති වී ඇති පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ගරු ජනමාධ්‍ය අමාත්‍ය තුමන්ගෙන්, අමාත්‍යාංශ ලේකම් තුමන්ගෙන් මෙන්ම තැපැල්පති තුමන්ගෙන් ඉල්ලීම් කළද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැත.

  1. අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති නව සේවා ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ එතෙක් යෝජිත නව වැටුපෙහි පිහිටුවීම.
  2. තැපැල් සේවක වැටුප රු.10,000/-කින් වැඩි කිරීම.
  3. නව සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන තෙක් පවතින අන්තර් ග්‍රහන ගැටළු සදහා කඩිනම් විසදුම් ලබා දීම.
  4. තැපැල් ස්ථානාධිපති සේවයේ පවතින අධික පුරප්පාඩු සඳහා අවශ්‍ය නිලධාරීන් නොපමාව බඳවාගැනීම.
  5. දෙපාර්තමේන්තු පාලන අධිකාරිය විසින් සිදුකරන අවිධිමත් සේවාවාර සංශෝධනය හා සේවක අයිතිවාසිකම් කප්පාදුව වහාම නතර කර, සංශෝධනය කළ යුතු යම් යම් කටයුතු වෘත්තිය සමිති එකඟතාවය තුල කටයුතු කිරීම.
  6. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට හා ක්ෂේත්‍රගතව රාජකාරි ඉටුකරන කාර්ය මණ්ඩලය සඳහා යතුරුපැදි ලබාදීම.
  7. උප තැපැල් ස්ථානාධිපති කාන්තා නිලධාරිනියන් සඳහා රාජ්‍ය සේවයේ කාන්තාවන්ට හිමි ප්‍රසූත නිවාඩු වරප්‍රසාදය ලබානොදීම.
  8. උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා සෙනසුරාදා දීමනාව හෝ අමතර රාජකාරි කරන (සතියට පැය 40 ඉක්මවා කටයුතු කරන) අමතර කාලසීමාවන් සඳහා ප්‍රතිලාභ ලබාදීම.
  9. තම තනතුරේ ගෞරවය හා වගකීමට හානිවන පරිදි තම නිත්‍ය තනතුරට පරිබාහිර වෙනත් තනතුරු වල නොගැලපෙන පරිදි තැපැල් සේවකයින් සේවයේ යෙදවීම.
  10. විනය පරීක්ෂණ කඩිනම් කිරීම.
  11. කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබූ කාලසීමාව තුල ප්‍රවාහන අපහසුතා නිසා සේවයට පැමිණීමට අපහසු වූ සේවකයින්ගේ නිවාඩු හා පෞද්ගලික ප්‍රවාහන සේවා තුලින් රාජකාරියට වාර්තා කළ සේවකයින්ට එකග වූ පරිදි ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  12. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා ගොඩනැගිලි ආදායම් සෙවීමේ මුවාවෙන් වෙනත් ආයතන වලට පැවරීම.
  13. තැපැල් කාර්යාල තැපැල් ස්ථානාධිපති නිල නිවාස වල ස්ථාපනය කර ඇති නිවාඩු නිකේතන පවත්වාගෙන යාම වෙනත් ආයතන වලට පැවරීම.
  14. දැනට තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන දේශීය හා ජාත්තන්න්තර තැපැල් සේවාවන් දෙපාර්තමේන්තුවෙන් පෞද්ගලික ආයතන කරා විතැන් වන පරිදි කටයුතු කර, තැපැල් ආදායම අහෝසි වන පරිදි කටයුතු කිරීම.නිදසුන් ලෙස පෞද්ගලික ආයතන විසින් රේගු බඩු පැකැට්ටු ශ්‍රි ලංකාවට ගෙන්වා තැපැල් දෙපාර්මේන්තුව හරහා බෙදීම් කටයුතු කිරීම.
  15. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ආදේශක සේවාව සඳහා කාන්තාවන් බඳවාගැනීම.
  16. දෙපාර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
  17. සියළු ශ්‍රේණීන් වලට අදාල උසස්වීම් ලබාදීම.
  18. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් නවීකරණය කිරීම.
  19. ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
  20. ආයතනයේ පුහුණු අංශයේ කටයුතු කඩිනම් කර ක්‍රියාත්මක කිරීම.
  21. තැපැල් ප්‍රවාහන අංශය සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් හා නේවාසිකාගාරයක් ලබාදීම.
  22. අවිධිමත් ලෙස යටපත් කරන ලද තැපැල් ප්‍රවාහන අංශයේ සේවාවාර නැවත ලබාදීම.
  23. නිල ඇදුම් කාර්ය මණ්ඩලය සඳහා නිල ඇදුම් ලබාදීම.
  24. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම.

පවතින මෙම ප්‍රශ්න සඳහා විසඳුම් ලබා නොදීම තුල ආයතනය දවසින් දවස ප්‍රපාතයකට ඇදවැටෙමින් පවතින අතර, මෙය වලක්වා ගැනීමට පාලනාධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරිය මැදිහත් නොවීම හේතුවෙන් ආයතනයට හා සමස්ථ කාර්යය මණ්ඩලයට සිදුවන බරපතල හානිකර තත්වයට මැදිහත් නොවීම පිළිබඳව විරෝධය පල කිරීම සඳහා 2021.12.13 ප.ව.4.00 පැයේ සිට 2021.12.14 මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර ඇත.

මේ අනුව සියලු වාදභේද පසෙකලා ආයතනයේ හා සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම විකල්ප ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සියලු සොයුරු සොයුරියන්ට ඒකාබද්ධව කටයුතු කරන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලමු.

මෙහිදි මෙම සංකේත වැඩවර්ජනයට සියලු කාර්ය භාර තැපැල් ස්ථානාධිපතිවරුන් එක්වන බැවින් යතුරු භාර ගැනීමට සුදුසු වැඩ පිළිවලක් සලසන මෙන් ප්‍රදේශීය තැපැල් අධිකාරි වෙත දන්වන්න.එවැනි සැලැස්මක් ප්‍රදේශීය තැපැල් අධිකාරිවරුන් සලසා නොදෙන්නේ නම් යතුරු සුරක්ෂිතව තබාගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන්න. මෙහිදී කිසිදු ගැටුමක් ඇති නොවීමට වගබලා ගත යුතු අතර, තමා භාරයේ ඇති සියලු රාජ්‍ය දේපලවල ආරක්ෂාව තහවුරු කර ගත යුතුය.

මේ පිළිබඳ කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් පහත සංගමය නියෝජිතයා අමතා නිරවුල් කරගන්න.
01 තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය ශාන්ත කුමාර මීගම
02 ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය කේ.එම්.චින්තක බණ්ඩාර
03 ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය ජී.එම්.හෙට්ටිආරච්චි
04 එක්සත් ජාතික තැපැල් සේවක සංගමය එච්.ඒ.ආර්.නිහාල්
05 සමස්ථ ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය පී.එච්.එස්.ශාන්තප්‍රය
06 ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ පොදු සේවක සංගමය කේ.වී.ඩී.පියවංශ
07 ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය මංජුල ප්‍රනාන්දු
08 ශ්‍රි ලංකා කනිෂ්ඨ පරීක්ෂක හා තැපැල් තේරීමේ නිළධාරි සංගමය ජේ.එච්.ආර්.පියසුන්දර
09 එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය එස්.ආර්.ප්රසන්න ප්රනාන්දු
10 ශ්‍රි ලංකා නිදහස් සේවා සංගමය (තැපැල්) කේ.ජයලාල් පෙරේරා
11 තැපැල් රියැදුරු සංගමය ඩබ්.හදපාන්ගොඩ
12 සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය ප්‍රේමකුමාර විජයවර්ධන
13 ලංකා තැපැල් සේවා සංගමය කේ.ඒ.ජගත් මහින්ද
14 ශ්‍රි ලංකා තැපැල් සේවක පෙරමුණ හා පොදු සේවා සංගමය ඒ.ජී.කුලතිලක
15 සමස්ත ලංකා තැපැල් සේවා සංගමය අනුර ආර්.වර්ණකුලසූරිය
16 ස්වාධීන තැපැල් නිළධාරි සංගමය ජේ.එම්.එස්.රංජුල
17 තැපැල් කණිෂ්ඨ සේවක සංගමය එස්.කේ.විජේසිංහ
18 තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සංගමය යූ.එල්.එම්.ෆයිසර්
19 ශ්‍රි ලංකා නිදහස් තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය ඒ.රණසිංහ
20 ශ්‍රි ලංකා නිදහස් රජයේ උප තැපැල් ස්ථානාධිපති සංගමය අනුරජිත් වෙඩිසිංහ
21 සමස්ත ලංකා දෙමළ කතාකරන තැපැල් සේවක සංගමය උමේෂ් කන්නන්
22 තැපැල් තාක්ෂණ නිළධාරි එකමුතුව එම්.ඩී.කේ.කේ.ප්රනාන්දු
23 රාජ්‍ය සේවා කාර්මික වෘත්තිය සමිතිය රනිල්