දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි

දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ව්‍යාපෘතීන්ට අදාලව අකක්‍රමිකතාවලට හා දූෂණවලට එරෙහිව පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව දුම්රිය නගා සිටවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව විසින් (15) දින දහවල් 12.00 සිට ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

දුම්රිය බලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව එම සන්ධානයේ නියෝජිතයකු වැඩබිමට පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන් ගන්නා කාර්යාල සේවකයින් හා මගීන් දැඩි අපහාසුතාවයට ලක්වනු දැක ගත හැකි විය.