දුම්රිය ස්ථානාධිපති සංගමය අඛණ්ඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

දුම්රිය ස්ථානාධිපති සංගමය අඛණ්ඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී හා ඇතැම්  පාලනාධිකාරියේ නිලධාරීන්ගේ   අත්තනෝමතික ක්‍රියාකලාපය මෙන්ම දිගු කාලයක් හමුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙන්ම ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇතැම්  ව්‍යාපෘතියන් ඵලදායි නොවන ලෙස හා වංචා සහගත ලෙස එම ප්‍රධානින්ගේ  පෞද්ගලික වාසී ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණු පදනම් කර ගනිමින් එම ව්‍යාපෘතියන්  ඉදිරියේ  අවශ්‍යතාවය මත සැලසුම් නොකිරීම ආදී ගැටලු කිහිපයක් පදනම් කර ගනිමින් එළඹෙන 26 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
 
දුම්රිය ස්ථානාධිපති සේවයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් වසර ගණනාවක් මුළුල්ලේ මුහුණපාන ගැටලු පිළිබඳව දිගු කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා සමඟ සාකච්ඡා කල ද මේ සම්බන්ධයෙන් ඔහු විසින් නිසි විසඳුම් ලබා දීමට අපොහොසත්ව ඇත.වසර ගණනාවක් මුළුල්ලේ දුම්රිය ස්ථානාධිපතිවරුන් 700 ක පමණ ප්‍රමාණයගේ උසස්වීම් නිසි කලට ලබා නොදීම, කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය වල පුරප්පාඩු නිසි කලට සිදු නොකිරීමට කටයුතු කිරීම මත මේ වන විට දුම්රිය ස්ථානවල මෙහෙයුම්  කටයුතු සිදු කිරීමේදී   සිටින සේවකයන් දැඩි පීඩාවට ලක් වීම හා එම පුරප්පාඩු නොපිරීවම හරහා එම සේවකයන්ට උසස්වීම් ලබා නොදීම, 2021 ජනවාරි මස 01 වන දින ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම හා ඒ හෙතුවෙන් 2022 වාර්ෂික ස්ථාන මාරූවිම් මණ්ඩල ගැටලු සහගත කිරීම,  2018 වසරේ සිදු කල  වෘත්තිය ක්‍රියාමාර්ගයකට ජනාධිපතිතුමා විසින් විශේෂ නිවාඩු ලබ දී තිබුනද එය නොසලකා වසර 03 කට පසු එම දින ගණන වැටුප් රහිත නිවාඩූ සේ සලකා වැටුපෙන් අඩු කිරීම, බදවාගැනිමේ පටිපාටිය අනුමැතියට අදාල අංශයන් වෙත යොමු නොකිරීම ,  මහව ඕමන්ත දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධණය කිරීමට පහසුකම් තිබුන ද එම ව්‍යාපෘතිය හරහා පුද්ගලික වාසී ලබා ගැනීමේ අරමුණු පදනම් කර ගනිමින් මේ වන විට එම  ව්‍යාපෘතිය ද්විත්ව මාර්ගයක් කරන ලෙස අප සංගමය හා අනෙකුත් පාර්ශවයන් විසින් කල යෝජනා දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය නොසලකා හැරීම , රාජ්‍ය සේවයේ   විශ්‍රාමි ලැබු පුරවැසියන් සඳහා ලබා දෙන දුම්රිය  බලපත්‍ර ලබා ගැනීමේ එය ලබා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුෂ්කරතා මඟ හරවා පහසු ක්‍රමවේදයක් තුලින් දුම්රිය ස්ථානය මඟින් ලබා ගැනීමට අප සංගමය කල යෝජනාව ක්‍රියාත්මක කර එක් නිලධාරියකුගේ අවශ්‍යතාවය මත එම ක්‍රමවේදය අත්හිටුවීමට කටයුතු කිරීම මෙන්ම පවතින ගැටලු රාශියකට අප සාමාජිකයන් මේ වන විට මුහුණපා ඇත.
 
මේ සම්බන්ධයෙන් දිගු කාලයක්  පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර ඇති අතර ප්‍රවාහන අමාත්‍යතුමිය සමඟ ද සාකච්ඡා කර ඇත. ඒ පිලිබදව නැවත විසඳුම් ලබා නොදීම මත අප විසින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ පසු මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යතුමිය විසින් නැවත සාමාන්‍යාධිකාරීතුමා වෙත මේ ගැටලුවලට විසඳුම්  ලබා දීමට දෙවනවරටත් සාකච්ඡා කරන ලෙස දැනුවත් කල ද මේ දක්වා දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා විසින් ඊට සාකච්ඡා ලබා නොදීමට අප සංගමක් වශයෙන් අපගේ බලවත් විරෝධය දක්වන්නෙමු.
 
රටේ මේ වන විට පවතින තත්ත්වය මත මේ දක්වා අප සංගමය විසින් මගී ජනයා අපහාසුතාවයට පත් නොවන අයුරින් හා දෙපාර්තමේන්තු පාලනාධිකාරියට පමණක් දැනෙන ලෙස  වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද ,  පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් විසින් අප වෘත්තීය අයිතීන් දින ගත යුතු නම්" මගී ජනයා අපහාසුතාවයට පත් නොකර ඉල්ලීම් දිනා ගත නොහැකිය"  යන මතයක් පිළිඹිබු කරන  හේතුවෙන් දෙසැම්බර් මස 26  වන දින මධ්‍යම රාත්‍රීයේ  සිට සියලුම සේවා වාර වලින් ඉවතව  අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ  වීමට අප සංගමය තීරණය කර ඇත.
 
කසුන් චාමර ජයසේකර,
ප්‍රධන ලේක්ම්,

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය