පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළුව විසඳන ලෙස ඉල්ලයි

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ගැටළුව විසඳන ලෙස ඉල්ලයි

මේ වන විට සීමාවාසික පුහුණුව අවසන්ව සිටින 2011 A/L repeat batch කණ්ඩායමේ පශ්චාත් සීමාවාසික පත්වීම් සහ 2012 A/L main batch කණ්ඩායමේ දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමට අපේක්ෂිත නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළුව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව අවධානය යොමු කර තම ගැටළුව විසඳීමට කටයුතු කරන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

  1. 2021. 12. 23 දිනට 2011 A/L repeat batch කණ්ඩායමට ලබාදීමට යෝජිත නව පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම සහතික කල යුතුය,
  2. 2012 A/L main batch කණ්ඩායම සඳහා යෝජිත නැවත ස්ථාන ගත කිරීමේ (Island wide reshuffle) ක්‍රියාවලිය අහෝසිකර ඔවුන්ගේ පශ්චාත් සීමාවාසික පත්වීම් 2022 ජනවාරි 31 දිනට ප්‍රථම ලබා දීමට කටයුතු සූදානම් කල යුතුය. ඔවුන්ගේ පත්වීම් සඳහා පුරප්පාඩු ලයිස්තුව සකස් කිරීමේදී ICC- Covid (අන්තර් ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාවල) ඇති පුරප්පාඩු තාවකාලික පදනමක් යටතේ ලයිස්තුගත කල යුතුය. එම ICC වසා දැමීමේදී එම ස්ථානවලට අනුයුක්ත කර ඇති නිළධාරීන් අදාල රෝහල වෙත් නිදහස් කල හැකිය,
  3. ඒ අතර කාලය (2022/01/31දක්වා) තුල කොවිඩ් අන්තර් ප්‍රතිකාර සේවා මධ්‍යස්ථන වල සේවය සඳහා දැනට ඒ ඒ ප්‍රදේශවල (දිස්ත්‍රික්කය තුල) සිටින RHO නිළධාරීන් යෙදවීම මගින් එම මධ්‍යස්ථාන වල සේවාවන් අඛණ්ඩව පවත්වාගත හැකිය. – Island wide reshuffle කිරීමක් අවශ්‍ය නොවේ,
  4. මේ වසරේ සිට RHO නමින් හඳුන්වන තනතුරු අහෝසි කල යුතු අතර සීමාවාසික පුහුණුව අවසන් වන දිනට පසුදින පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට කටයුතු කල යුතුය. ඒ සඳහා කලයුතු වන්නේ පුරප්පාඩු ලයිස්තු සකස් කිරීම අදාල සීමාවාසික කාලය අවසන් වීමට ප්‍රථම සිදුකිරීම පමණි.

ඉතාමත් පහසුවෙන් මෙන්ම ස්ථීරසාර ලෙස විසඳිය හැකි මෙවැනි ගැටළු පිළිබඳව වහාම මැදිහත්වන ලෙස හා වෛද්‍ය වෘත්තියේ මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබට ඇති වගකීම නිසි ලෙස ඉටුකරන ලෙස කාරුණිකව ඉල්ලමු.