සබරගමුව පළාතේ සියළු රෝහල් සෞඛ්‍ය වෘත්තිකයිනුත් වර්ජනයේ

සබරගමුව පළාතේ සියළු රෝහල් සෞඛ්‍ය වෘත්තිකයිනුත් වර්ජනයේ

සබරගමුව පළාතේ සියළු රජයේ  රෝහල්වල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්, හෙද නිළධාරීන් හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් අද (23) දින වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු, රවි කුමුදේස් මහතා වැඩබිමට පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රත්නපුර ශික්ෂණ රෝහල ඇතුළු හා සබරගමු පළාතේ මහරෝහල් 3ක්, මූලික රෝහල් 6ක්, ප්‍රාදේශීය රෝහල් 32ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 19කට ආදළව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත්, ඒ හේතුවෙන්  සෞඛ්‍ය සේවා අඩාල වීය හැකි බවයි.

මෙම වර්ජනයට සමගාමීව රත්නපුර නගරය පුරා විරෝධතා පාගමනක් පාගමනක් යමින් සෞඛ්‍ය බලධාරීන්ට හට තම විරෝධය පළ කිරීමටද අදාල වෘත්තීයවේදීන් සැලසුම් කොට ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙම වර්ජනය සම්බන්ධව සෞඛ්‍ය ලේකම්වරයා වෙත හා සබරගමුව පළාත් ලේකම්වරයා වෙත යව ලැබූ ලිපිය පහතින් දැක්වේ.

Sabaragamuwa strike 23 12 21