අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම එක්වර සිදුකරන්න

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම එක්වර සිදුකරන්න

වත්මන් ආණ්ඩුව විසින් උපාධිධාරින්ට රැකියා දෙන බවට පොරොන්දු වී ඒ පොරොන්දුව ඉටු කිරීමේදී අවිනිශ්චිතතාවක් ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරයේදී උපාධිධාරින් 60,000 රැකියා සඳහා බඳවා ගන්නා බවට ප්‍රචාරය කරමින් අවසානයේ 2020 සැප්තැම්බර් 2 බඳවාගත් ප්‍රමාණය 49,448කි. පසුව ඔවුන්ට පුහුණුව ලබාදීමේදී සිදුකළ අසාධාරණය හමුවේද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය සිය විරෝධය පළකරන ලදී. කෙසේවෙතත්, පෙබරවාරි 2 එම රැකියා විරහිතයන් අතුරින් තවත් 7885 බඳවා ගෙන ඉතිරි 783 මාර්තු 26 බඳවාගනු ලැබිණි. මේ ආකාරයට සියල්ල 58,116ක් පුහුණුවට බඳවාගත්තද සේවය ස්ථිර කිරීමක් හෝ පලදායක සේවා සැලැස්මක් නොමැතිකම හේතුවෙන් 6434ක් අභ්‍යාසලාභී උපාධිධාරීන් පුහුණුව හැරගොස් ඇත. මේ අනුව පුහුණුව අවසානයේ රැකියා විරහිත උපාධිධාරිහු 51,682 ක් සේවය ස්ථිර කිරීමේ අපේක්ෂාවෙන් සිටිති.

නමුත් ආණ්ඩුව පවසන ආකාරයට ඉදිරි ජනවාරි 3 ට ස්ථිර කරන්නට අපේක්ෂිත වන්නේ අභ්‍යාසලාභින්ගෙන් 42,500ක් පමණි. ඉතිරි අභ්‍යාසලාභී උපාධිධාරීන් 9182 ස්ථිර කිරීමට කටයුතු කරනු ඇත්තේ අප්‍රේල් 1 ට බව ආණ්ඩුව පවසයි. මෙම අභ්‍යාසලාභීන්ගේ පුහුණුව අවසන් වූූූ 2021 සැප්ම්බතැම්බර් 2වැනිදාය. නමුත් ආණ්ඩුව මාස 4ක කාලයක් ඔවුන් ස්ථිර කිරීම ප්‍රමාද කිරීමෙන් උපාධිධාරින්ගේ සේවා කාලය මාස 4ක් ප්‍රමාද කිරීම සිදු වේ. පාලකයන්ගේ කෙනෙහිලිකම් මැද සටන් කරමින් ලබාගත් රැකියා ලබාදීමේදී මෙවැනි අසාධාරණයක් පිළිගත නොහැකි බව උපාධිධාරින්  ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ අවධාරනය කරයි. තවද, මෙම පුහුණුව ලත් උපාධිධාරින්ගේ සේවය ස්ථිර කරන දින ප්‍රකාශ කළද පත්වීම් ලිපි ලබාදෙන දිනයක් පිළිබඳ අවිනිශ්චිතතාවක් තිබෙන බවද ඔහු පවසයි.

සියලු අභ්‍යාසලාභී උපාධිධාරින්ගේ බඳවාගැනීමේ දිනය 2020 සැප්තැම්බර් 2 ලෙසත් ස්ථිර කිරීමේ දිනය 2021 සැප්තැම්බර් 3 ලෙසත් විය යුතු බව ඔහු පවසයි. වත්මන් ආණ්ඩුව, බලයට පත්වීමේදී රැකියා විරහිත උපාධිධාරින්ගේ ප්‍රශ්නය සිය ඡන්ද ව්‍යාපාරයට පාවිච්චි කළරමින් 2020 පෙබරවාරි 27 පුහුණුවකට කැඳවන ලද අතර රැකියා ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මක කළේ නැත. මැතිවරණ ප්‍රශ්නය හේතුවෙන් මාස ගනනක් උපාධිධාරින් අසාධාරණයකට ලක් විය. මෙම පසුබිම තුළ පසුගිය සැප්තැම්බර්යේ පත්වීම් ලිපි ලබාදිය යුතුව තුබුණද එයද මාස 4කින් ප්‍රමාද කරමින් කටයුතු කරයි. මේ නිසා උපාධිධාරින් සමස්තයක් ලෙස ගෙන සාධාරණ ආකාරයට පත්වීම් ලිපි ලබාදිය යුතු බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය අවධාරණය කරයි.