දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය එම සංගමයේ නිලධාරීන් සහ ප්‍රවාහන රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවැතී දීර්ඝ සාකච්ඡාවකින් පසුව අවසන් කිරීමට තීන්දු කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

ඒ අනුව සුපුරුදු පරිදි තම රාජකාරි ආරම්භ කිරීමට පියවරගන්නා ලෙස තම සාමාජිකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.