රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට නුදුරේදීම ස්ථීර පත්වීම්

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට නුදුරේදීම ස්ථීර පත්වීම්
රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 යටතේ රාජ්‍ය සේවය සන්දහා බඳවාගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් රාජ්‍ය සේවයට හා පළාත් රාජ්‍ය සේවයට පත් කිරීම සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව උතුරු මැද පළාත කටයුතු කර තිබේ.
 
ඒ අනුව පත්වීම් ලාභීන් සඳහා ස්ථීර පත්වීම් ප්‍රධානය උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර තුමන්ගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවත් උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කළ ලිපියේ සඳහන් වෙයි.
 

ඒ අනුව එළැඹෙන වසරේ ජනවාරි මස 05 වෙනි දින පෙරවරු 10.00ට කොරකහ වැව කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතයි.