නව වසර අභියෝග පිරි වසරකි - ඉන්දික දොඩන්ගොඩ

නව වසර අභියෝග පිරි වසරකි - ඉන්දික දොඩන්ගොඩ

එළඹෙන 2022 වසර සමස්ථ වැඩ කරන ජනතාවටම පෙරටත් වඩා අභියෝග සපිරි වසරක් වනු නොඅනුමානය.

පශ්චාත් කොවිඩ් වසංගත තත්වය හමුවේ රට මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා මෙන්ම, දේශපාලන බල ලෝභීත්වය හා රාජ්‍ය පරිපාලන අංශ වල නිළධාරින් දුෂිත විම මෙන්ම පාලකයන් දුර දක්නා නුවණින් යුතුව කටයුතු නොකිරීම වැනි හේතුන් නිසා මෙම ගැටළු කළමණාකරනය කර ගත නොහැකිව ඇති පසුබිමක වෘත්තීය සමිති නායකත්වයට දැඩි කැපවීමකින් හා වගකීමකින් යුතුව අරගලයන්ට මැදිහත් විමට සිදුවනු ඇත.

දිළිදු බව තුරන් කර සෞභාග්‍යමත් දේශයක් කරා රට ගෙන යාමට කැපවී වැඩකරන ජනතාව ඇතුළු සියලු ලක්වාසින්ට සුභ නව වසරක් වේවායි පතමි.

ඉන්දික දොඩන්ගොඩ, කැඳවුම්කරු, දුම්රිය නඟා සිටුවීම සඳහා වෘත්තීය සමිති එකමුතුව