ජාතික පාසල්වල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවෙන ලකුණු

ජාතික පාසල්වල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවෙන ලකුණු
පුරප්පාඩු පවතින ජාතික පාසැල්වල විදුහල්පති තනතුරු 92 ක් සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ බොහොමයක් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන්කර ඇත්තේ  ඉතිරි සම්මුඛ පරීක්ෂණ අවසන්වූ වහාම එම ජාතික පාසැල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පියවීමට කඩිනමින් පියවර ගන්නා බවයි.
 

එමෙන්ම ජාතික පාසැල් 92 ක විදුහල්පති තනතුරු සඳහා මේවනවිට අයදුම්පත් 373 ක් ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.