පන්දාහ රජ්‍ය අංශයට විතරක් නොවෙයි පුද්ගලික අංශයටත් දිය යුතුයි - උදේනී දිසානායක

udeni-disanayake

පසුගිය කාලය පුරා කම්කරු පන්තිය බරපතල ලෙස පීඩනයකට ලක්වී තිබූ අවස්ථාවක රු: 10000/ කින් වැටුප් වැඩිකර ගැනීමේ අරගලය සඳහා පසුගිය නොවැම්බර් 29 දින රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා හා විශ්‍රාමික සංගම් සමග එක්ව කළ විරෝධතාවයත්, දෙසැම්බර් මස 08 වන දින ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් නිසා රජයට රු: 5000/= දීමනාවක් ලබාදීමට සිදුව ඇති බව "වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුවේ" සම කැඳවුම්කරු උදේනී දිසානායකම මහතා “වැඩබිම“ ට පැවසීය.

ඉහල යන ජීවන වියදම හා අනෙකුත් වියදම් දෙස බලන විට මෙය ප්‍රමාණවත් නොවන බවත්, එය රාජ්‍ය අංශයට පමණක් නොව පුද්ගලික අංශයටද වහාම ලබාදීමට කටයුතු කරන ලෙසත් රජයට බලකර සිටින බව උදේනී දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය