විෂයන් රැසක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි - මේ අවස්ථාව මඟහැර ගන්න එපා

විෂයන් රැසක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි - මේ අවස්ථාව මඟහැර ගන්න එපා

දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල්වල විෂය ඒකක 25ක පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්,උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් හා උසස්පෙළ සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම 2021 සඳහා සුදුසුකම් ඇති අයගෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් කැඳවා තිබේ.

ප්‍රාථමික අංශය,දෙවන බස සිංහල, දෙවන බස දෙමළ, දෙමළ, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, චිත්‍ර, කර්ණාටක සංගීතය, නැටුම් (භාරතීය), තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය, භූගෝල විද්‍යාව, හින්දු ධර්මය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය,ශිෂ්‍ය උපදේශනය, රෝමානු කතෝලික, අරාබි, ඉස්ලාම්, විශේෂ අධ්‍යාපනය, ගෘහ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය යන විෂයයන් රැසක ඇති ගුරු පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

සුදුසුකම් ඇති අය නිවැරදිව සම්පූර්ණ කරන අයදුම්පත් 2022.01.12 දින හෝ ඊට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශීය වෙබ් අඩවියේ මාර්ගගත ද්වාරය හරහා (www.edumin.sp.gov.lk) ඉදිරිපත් කළ යුතු වේ. අදාළ අයඳුම්පත් සාර්ථකව සම්පූර්ණකළ පසු එහි මෘදු පිටපත බාගත කිරීමේ හැකියාවද පවතින අතර එය සුරක්ෂිතව ලඟ තබා ගන්නා ලෙසත් සිහිපත්කර දී ඇත.

සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දක්වා තිබේ.

සම්පූර්ණ විස්තර පත්‍රිකාව...