දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් ආරම්භ කළ මෙම සංකේත වැඩ වර්ජනයත් සමඟ දීර්ඝ සති අන්තයේ ගම්බිම් බලා යාමට පැමිණි මගීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.

මෙම වර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද සිදු වුණා.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේ අවසන් කළ බව එම සංගමය සඳහන් කළා.