විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති

මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් අද (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීම ට විරෝධය දක්වමින් ඔවුන් එලෙස ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බව ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටයි.

kumarawadu

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, මෙස්ද සඳහන් කෙළ්ය.

"ව්‍යාජ සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීමට අපේ සම්පූර්ණ විරෝධතාවය පළ කරලා, අපි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යනවා කියලා. ඒ අනුව අපි අද උදේ 10 ට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ ප්‍රධාන කාර්යාලය ඉදිරියට රැස්වෙනවා. රැස්වෙලා අපි සාමකාමී උද්ඝෝෂණයක් කරනවා. අපි මීට ඉස්සෙරත් එහෙම උද්ඝෝෂණයක් කළා. අපි ඒ කරේ අවුරුදු 10කට පස්සේ. මේ සභාපතිවරයාගේ අත්තෝමතික ක්‍රියාකලාපය නිසා අපිට මාසයක් වගේ කාලයක් ඇතුළත දෙවතාවක් ඉංජිනේරුවන්ට බැනර් උස්සගෙන පාරේ විරෝධතාවය දක්වන තත්ත්වයට සභාපති ඇතුළ කණ්ඩායම පත්කරලා තියෙනවා. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. අපේ ඉංජිනේරුවෝ ඉතාම කළකිරීමකින් ඉන්නේ. මොහුගේ ක්‍රියාකලාපයන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යනවා කියලා අපි දන්වලා තියෙනවා අපේ පාලන අධිකාරියට. ඒ අනුව අපි අද 10 සිට කරන්නේ උද්ඝෝණයක්. අපේ ජනතාව පීඩාවට පත්කරන්න අපිට උවමනාවක් නෑ. මෙහෙයුම් කටයුතුවල ඉන්න පැය 24 වැඩකරන විදුලි බලාගාරවල ඉන්න සේවකයින් විදුලිබල පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යනවා. අනිත් අය සියලුදෙනා හෙට ලෙඩ නිවාඩු. අපිට ක්ෂණික විසඳුම් ලබානොදුන්නොත් අපි හෙට දිනයේ සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයකට යනවා. එය ඉතාම කෙටි කාලයකින් වැඩවර්ජනයක් දක්වා ගෙනියනවා."