වයඹ උපකුලපති පත්කරන්න දේශපාලන බලපෑම්

වයඹ උපකුලපති පත්කරන්න දේශපාලන බලපෑම්

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස තමන්ගේ හිතවත් පුද්ගලයෙකු පත් කරන ලෙස ඉල්ලමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙන්නම ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සඳහා වැඩකටයුතු කළ වියත්මග සංවිධානයේ නිලධාරීන් කිහිප දෙනෙකුද ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර ඇතැයිද උප කුලපති තනතුර සඳහා අයෙකු පත් කිරීමේදී පවා සිදුවන මෙම දේශපාලන මැදිහත්වීම් ඉතාමත් පිලිකුල් සහගත බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් (21) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

රාජ්‍ය ඇමතිවරුන්වන සනත් නිශාන්ත පෙරේරා, ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය හේරත්, ඩී.වයි.ජේ රත්නසේකර සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපි මෙන්ම වියත්මග සංවිධානයේ නිලධාරීන් විසින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආචාර්ය සංගමය විසින් යැවූ ලිපිද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සභාගත කරල ලදී.

විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පසුගිය 17 වැනිදා රාජ්‍ය ඇමති ඩී.බී හේරත් විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ “මහාචාර්ය එච්.එම්.ඒ හේරත් පොදුජන පෙරමුණ සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් ඔහු සපුරා ඇති නිසා ඔහුව එම තනතුරට පත් කරන ලෙස” බවය.

(lankatruth.lk)