අධ්‍යාපන කාර්යාල වල සංවර්ධන නිලධාරින්ට පන්දාහ ලැබී නෑලූ

අධ්‍යාපන කාර්යාල වල සංවර්ධන නිලධාරින්ට පන්දාහ ලැබී නෑලූ

රාජ්‍ය සේවකයන්ට ලබාදීමට යෝජිත රුපියල් 5000 දීමනාව නොලැබීම සම්බන්ධව, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ එම ගෙවීම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජනවාරි මස සිට ලබාදීමට යෝජිත රුපියල් 5000 මුදල උතුරුමැද පළාත් අධ්‍යාපන කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ගේ ජනවාරි වැටුපට ලබා දී නැත.

මේ පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකොට එම මුදල ලබාදීමට අදාළ පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.