මෙරට කොරෝනා අවදානම තවත් වැඩිවෙන ලකුණු -ප්‍රවේශමෙන්!

මෙරට කොරෝනා අවදානම තවත් වැඩිවෙන ලකුණු -ප්‍රවේශමෙන්!

කොවිඩ්  අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රෝහල්  වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ  රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා පරීක්ෂණවලින්  ආසාදිතයන්  හඳුනාගැනීමද වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වා දුන්නාය.

මේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත්  සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන්  වැඩි අවධානයක් යොමු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.