පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්න

පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්න
පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් යොමුකර තිබේ.
 
1 
එහි සඳහන් ආකාරයට දීපව්‍යාප්ත පාසල්වල පවතින 60,000කට ආසන්න ප්‍රමාණයක් ගුරු පුරප්පාඩු පවතින අතර පවතින උපරිම පුරප්පාඩු වෙනුවෙන්ගුරු සේවය සඳහා මූලික අධ්‍යාපන සුදුසුකම් සහිත උපාධිධාරීන්ට/ ඩිප්ලෝමාධාරීන්ට අවස්ථාව ලබා දීම සුදුසු බව පෙන්වා දෙයි.තවද ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී එම උපාධිධාරීන් විශ්ව විද්‍යාලවල දී හදාරා ඇති උපාධිය සැලකීමට නොගැනීම මත රැකියාවක් ලැබුණ ද උපාධිධාරීන් දැඩි පීඩනයක හා අසහනකාරී මනෝභාවයකට පත්ව ඇත. එමෙන්ම අභ්‍යාසලාභී පුහුණු කාලසීමාව තුළ දීත් පාසල් වෙත අනුයුක්ත කිරීමේ දී ද අවම වශයෙන් අනුයුක්ත කිරීමට පෙර පාසල් ක්‍ෂේත‍්‍රයට හා ඉගැන්වීම සඳහා කැමැත්ත අකමැත්ත විමසීමකින් තොරව අනුයුක්ත කිරීම් සිදු කිරීම ද අවිද්‍යාත්මක හා ශාස්ත‍්‍රීය නොවන ප‍්‍රවේශයන් බව සඳහන්.
 
  • ජාතික පාසල්/ පළාත් පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් සුදුසු හා කැමති නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම.
  • බඳවාගැනීමේ උපරිම වයස් සීමාව කොන්දේසි ඉවත් කිරීම.
  • ගුරු තරඟ විභාග සමත් උපාධිධාරීන් ද ගුරු සේවයට බඳවා ගැනීම.
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ 2021/12/31 දිනැති ලිපියේ ඉක්ස් වන වගන්තිය පිළිබඳ අවධානය යොමුකරන අතර එසේ නොකර 2018-2020 උපාධිධාරී කණ්ඩායම්වලට ලබාදීමට යෝජිත ගුරු පත්වීම් 22,000 තාවකාලික ගුරු පත්වීමක් වෙනුවට ස්ථීර ගුරු පත්වීම් එකවර ලබා දීම.

යන ඉල්ලීම් කිහිපයද සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත්කර තිබේ.

 

2

 

3